ආනයනික සෙස් බද්ද කැපෙයි- අලුත්ම තීරුබදු ක්‍රමය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු ඉවත් කර නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත ඒ අනුව අදියර වශයෙන් මෙම සෙස් බදු ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ මහතා සදහන් කර තිබේ.
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බවත් පැවසූ අමාත්‍යවරයා එම නිෂ්පාදනයන්ගේද පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියවර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත
ඒ අනුව පළමුව අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්තවලට හානියක් නොවන පරිදි මෙන්ම ක්රමික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නිෂ්පාදකයින් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය වියදම් අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ ප්‍රවේශයක් මෙමගින් රජය බලාපෙරොත්තු වී තිබේ
ඔහු සඳහන් කළේ එම කාණ්ඩ 4 යටතේ 0%, 10%, 20,% සහ 30% යටතේ නව තීරු බදු හඳුන්වා දීමටත් අමුද්‍රව්‍ය සඳහා සහ නිෂ්පාදන සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීම මෙන්ම නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සහ තෝරා ගත් භාණ්වලට 30% උපරිමයකට යටත්ව නව තීරු බදු පැනවීමට කටයුතු කරන බවයි.
ඒ අනුව දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට මෙම වැඩපිළිවල මගින් රජය වැඩිදුරටත් අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර තිබේ
"2007 වර්ෂයේ සිට දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහෝමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් ඒවායේ නිෂ්පාදන පිරිවැයද ඒ හා සමානවම ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අදියර වශයෙන් මුළින්ම අතරමැදි අමුද්‍රව්‍ය සඳහා ක්‍රමයෙන් සෙස් බදු ඉවත් කිරීමත්, කර්මාන්තවලදී සංවේදී භාණ්ඩ සඳහා සහ අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්තවලට හානියක් නොවන පරිදි මෙන්ම ක්‍රමිකව එම නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදකයින් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වියදම අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ ප්‍රවේශයක් ලබා දීමටද මෙමගින් අපේක්ෂා කරනවා. එමෙන්ම සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ 0%, 10%, 20,%, 30%, නව තීරුබදු හඳුන්වාදෙනවා. ඒ අනුව අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීමේ වැඩි ඉඩකඩක් තමයි පවතින්නේ. අනෙකුත් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිමි භාණ්ඩ වශයෙන් එන භාණ්ඩවලට සහ තෝරාගත් භාණ්ඩවලට 30% කියන උපරිමය අය කිරීම තුළින් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා."