එළුවෙක් නිසා අර්ච්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - මාලිමාවේ මන්ත්‍රීලාගේ රෙදි ගලවලා ඔප්පු කරන්න යයි
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා විසින් ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අඳාළ නඩුව අවසන් කරගෙන ඇති බවටත් පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියා.
එහිදී පාර්ලිමේන්තුව අමතමින් රාමනාදන් අර්ච්චුනා මහතා චෝදනා කළේ, අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ජංගම දුරකතනයක් සහ කුඩා එළුවකු සොරකම් කිරීමේ චෝදනා මත 2022 වසරේදී යාපනය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පැවති බවයි.
මේ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සහ දීමනා ජනවාරි 1 දා වෙනකොට වැඩි වෙන්නේ මෙහෙමයි - සුව ඇමති වැඩි කළ වැටුප් සියල්ලම දිගාරියි
එහෙත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ප්‍රධාන සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිසිය මඟින් එම නඩුව ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙන බවට ඔහු චෝදනා කර සිටියා.
"මම කියන්නම් උතුරේ ඔයාලගේ මන්ත්‍රී කෙනෙක් ෆෝන් එකක් හොරකම් කරල නඩුවක් තිබ්බා. මෙතුමා මන්ත්‍රී වුණාට පස්සේ තමයි ඒක අයින් කරගත්තේ. මෙතුමා එළුවා පොඩි එළුවා හොරකම් කරා කියලා නඩුවක් තියෙනවා 2022. මට ඕනේ නම් නඩු අංකෙත් එක්ක කියන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ මාමාව සාක්ෂිකරුවෙක් විදිහට ඉදිරිපත් කරන්නේ නැතුව නඩුව ඉවත් කර ගත්තා පොලීසියෙන්.. ඒක මන් ඔප්පු කරලා පෙන්නුවොත් තමුන්නාන්සේලා 159 ම අයින් වෙනවද?"
කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට සභාවේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික චරිත ඝාතනය වන ආකාරයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ නොකරන ලෙසත්, සභාව නොමඟ යැවීම සම්බන්ධයෙන් අර්ච්චුනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම සමාව ගත යුතු බවත් ඔවුන් පෙන්වා දෙන ලදි.
එහිදී එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ පාර්ශ්වයන් පෙන්වා දුන්නේ ඉකුත් පාලන සමයන්හිදී දේශපාලන පළිගැනීම් සහ අසත්‍ය චෝදනා මත ගොනු කළ නඩු පිළිබඳ සත්‍ය අසත්‍යතාව සොයා බැලිය යුතු බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු කිරීම නුසුදුසු බවත්ය.
මේ අතර ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා නැවත කියා සිටියේ, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්නේ නම් අදාළ නඩුවේ සහතික කළ පිටපත් ඉදිරිපත් කර තම ප්‍රකාශය ඔප්පු කිරීමට තමන් සූදානම් බවයි.