ගෝඨාභය FCIDයෙන් පිටව යයි - ''පැය කිහිපයක ප්‍රකාශයක් දෙයි''
ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ. මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.
ඒ අනුව, අද (11) උදෑසන ඒ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය. එහිදී පැය කිහිපයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගොස් තිබේ.