දිඹුලාගල සෙල්ලිපියට සිදුවන දේ ඇමති හෙළි කරයි - ''පුරාවිද්‍යාවට හොද යුගයක්'' [VIDEO]

Report

අද (11) සිකුරදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි දිඹුලාගල ඓතිහාසික විහාරස්ථානයේ සෙල්ලිපිය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, සෙල්ලිපි අර්ථකථනය කිරීම සහ ඒවා ජනතාවට කියවා ගැනීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී කටයුතු කරන බව පැවසීය.

එමෙන්ම, වත්මන් කාලය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඉතා හොඳ යුගයක් බවට පත්වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,

''ගරු කථානායකතුමනි, ඇත්තටම මධ්‍යම සංස්කෘතික අරමුදල ගැනයි ඔබ විමසුවේ ඒ ප්‍රශ්නයෙන්. නමුත් කමක් නැහැ, පුරාවිද්‍යාවට සම්බන්ධ නිසා දිඹුලාගල සෙල්ලිපිය ගැන විමසීම මා වරදක් කොට සලකන්නේ නැහැ. ඔව්, ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ පිළිබඳව සියලු තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන අනලස්ව කටයුතු කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශිලා ලේඛන, කාසි, පුරාවස්තු වගේ දේවල් පිළිබඳව අර්ථකථන ඉදිරිපත් කරන ක්‍රමයක් සහ පිළිවෙළක් තිබෙනවා. එපිග්‍රැෆියා සෙයිලැනිකා (Epigraphia Zeylanica) කියලා ඔබ දන්නවා, ලංකාවේ ශිලා ලේඛන වාර්තා කරන වෙළුම් කිහිපයක ග්‍රන්ථයක් තියෙනවා. අඛණ්ඩව මුද්‍රණය වන එකට ගිහිල්ලා තමයි අපි මේක එතනින් තමයි Publish කරන්නේ. නැත්නම් හෙළිකරන්නේ රටට. ඒ සියලු ක්‍රියාමාර්ග සියල්ල අරගනිමින් ඉන්නවා. කිසිදු බාධාවක් නැහැ. පුරාවිද්‍යාවේ ඉතාම හොඳ යුගයක් උදාවෙමින් තිබෙන්නේ. ඔබ කියූ දිඹුලාගල ඓතිහාසික විහාරයට මමත් ගිහිල්ලා, සියලු මන්ත්‍රීවරු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අදාළ පාර්ශ්වකරුවන් කැඳවලා රැස්වීමක් පවා මා ගත්තා. ඒ නිසා කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අනුව සෙල්ලිපි අර්ථකථනය සහ මුද්‍රිතව ඒක කියවා ගැනීමේ පහසුකම් නුදුරු දිනකදී ජනතාවට දායාද කරනවා.''

හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණෙයි

හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණෙයි

කොතලාවල රෝහලට අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති අරුණ හෙළිකරයි

කොතලාවල රෝහලට අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති අරුණ හෙළිකරයි