ඉදිරි මාසවල විදුලි මිල ඉහළ දමයිද? රජයෙ තීරණය මෙන්න
ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සදහන් කර තිබේ .
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබද අදහස් දක්වා තිබේ එතුමා සදහන් කළේ පසුගිය කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණු බැවින් විදුලි ජනනය සඳහා වැය වන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බවයි.
ඒ වගේම මේ නිසා ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව විදුලි බිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවද සඳහන් කර තිබේ
එමෙන්ම එළැඹෙන වසරේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය අඛණ්ඩ සම්පාදනය කිරීමටද මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඒ සම්බන්ධව මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
"අපි බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ නිසා විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා විදුලි මිලේ වැඩි වීම සඳහා කිසිදු විදිහකට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තුවෙන්නේ නෑ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය අඛණ්ඩව සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා."