ජනපතිට බැනවැදී දැමූ පෝස්ටුව නිසා නිවේදිකාවක් ජාතික රූපවාහිණියෙන් ඉවත් කරයි.. (VIDEO)
පාරමී නිලෙප්තා රණසිංහ කියලා කියන්නේ ජාතික රූපවාහිනී නාලිකාව තුළ සිටි ඉතාමත්ම දක්ෂ සොඳුරු මාද්‍යවේදිනියක්. නිවේදිකාවක් ලෙස ඇය රූපවාහිණිය තුළ මෙහෙය වූ රිවිදින අරුණැල්ල , නුග සෙවන , සුසර දැහැන , නැණ මිහිර ,චක්‍රාවාටය , Hard Talk , ගුරුතලාව වැනි වැඩසටහන් නිසා බොහෝ රසික රසිකාවියන්ගේ නිබද ආදරය සහ ආකර්ෂණය දිනාගැනීමට ඇයට පුළුවන් වුණා.
මීට දින කිහිපයකට පෙර ඇයගේ පෞද්ගලික ෆේස්බුක් මාධ්‍ය ගිණුමේ ජනපතිට තම නිදහස් අදහස් ප්‍රකාශ කර දැමූ එක්තරා පෝස්ටුවක් හේතුවෙන් මේ වන විට ඇයට ජාතික රූපවාහිනියෙ දොර වැසී තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඉතාමත්ම කලකිරීමකින් යුතුව ඊයේ දින ඇය තම මුහුණ පොත හරහා අදහස් ප්‍රකාශ කරලා තිබුණෙ මේ විදිහට.
“පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි. අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි
. රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි. හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි…සදාකල් යෙහෙන් වැජඹේවා..
නැවතුමක් නොවේ හැරවුමක් පමණි..”
මේ විදිහට තමයි ඇය සිය මුහුණු පොතේ පළ කරලා තිබුණේ. ඇත්තෙන්ම ඇගේ මෙම සමුගැනීම ජාතික රූපවාහිනියට මහත් වූ අඩුපාඩුවක් වනවාට නොඅනුමානයි. ඉතින් ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක්ම ඇය සිතන පතන අයුරින් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.