පඬු කරඳ ගස සම්බන්ධයෙන් ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(25) කැදවා තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පඬු කරඳ ගස සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
ඒ ගම්පහ - දාරළුව ප්‍රදේශයේ තිබී ඉවත් කළ කෘඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
මේ අතර, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය විසින් මේ මස 28 වන දින පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස අඩවි වන නිලධාරීන්ට නියෝග කරනු ලැබීය.
ඒ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් දැනුම් දෙනු ලැබීම හේතුවෙන් ය.
කෙසේ වෙතත්, පසුව උද්භිත උද්‍යානයේ නිලධාරියෙකු මගින් පර්යේෂණයක් පවත්වා ගස හඳුනාගැනීමෙන් පසුව සංරක්ෂණය සඳහා සුදුසු ස්ථානයකට යවන ලෙස ද නියෝග කර ඇත.
