බංගලාදේශ අරගලයෙන් පසු පකිස්ථාන ශිෂ්‍ය සම්මේලනයෙනුත් රජයට අවසන් නිවේදනයක්..

By Piyumika Aug 10, 2024 08:09 AM GMT
Report

දැනට බන්ධනාගාර ගතකර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 30 වැනිදාට පෙර නිදහස් කරන්නැයි පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය විසින් එරට රජයට අවසන් නිවේදනය නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

තුවාල උන සහෝදරයා රෝහලට අරන් යන ටිකට සුව සැරියේ සහයිකාවට සැරයන් සහෝදරයා කල දේ..

තුවාල උන සහෝදරයා රෝහලට අරන් යන ටිකට සුව සැරියේ සහයිකාවට සැරයන් සහෝදරයා කල දේ..

එරට "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය බංග්ලාදේශ රජය පෙරළා දැමීමෙන් පසුව පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයේ තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකියි යන හැඟීමක් ඔවුන්ට දැනී ඇති බව දකින්නට ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබේ .

මේ අතර ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් ඉම්රාන් ඛාන්ව නිදහස් නොකරන්නේනම් දැවැන්ත විරෝධතාවක් මේ මස අග ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර තිබේ .

චීන නේපාල ද්වන්ද සටනකින් දේපළ හානි රැසක්..නේපාල ජාතිකයන් දෙදෙනෙකු අත්තඩංගුවට ..

චීන නේපාල ද්වන්ද සටනකින් දේපළ හානි රැසක්..නේපාල ජාතිකයන් දෙදෙනෙකු අත්තඩංගුවට ..

තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් එමගින් පකිස්තානයේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයට බාධාවන් සහ එය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.