නවසීලන්තය සහ පකිස්ථානය අතර සුපිරි තරඟකාරීත්වයක් - අවසානයේ ඩක්වත් ලුවිස් න්‍යායට අද මැච් එකේ ජය ලැබුණේ මෙහෙමයි.
අද (04) 2023 එක්දින ලෝක කුසලානයේ 35වැනි තරගය පැවැත්විණ.
ඒ නවසීලන්තය සහ පාකිස්ථානය අතරයි.
එම තරගය ජය ගැනීමට පාකිස්ථානය සමත් විය.
එහිදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 25යි පන්දු 03ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 200ක් ලබාගෙන සිටි පාකිස්ථානයට ඒ අනුව ජය හිමි විය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළ අතර එහිදී පන්දුවර පහරදීමට පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 401ක් ලබා ගත්තේ ය.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Rachin Ravindra ලකුණු 108ක් ලබා ගැනීමට සමත් විය.
Kane Williamson තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 95ක් ලබා ගත් අතර Mark Chapman ලකුණු 39ක් සහ Glenn Phillips ලකුණු 41ක් රැස් කළේ ය.
පන්දු යැවීමේ දී Mohammad Wasim කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර Hasan Ali, Iftikhar Ahmed සහ Haris Rauf යන ක්‍රීඩකයින් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.
පිළිතුරු ඉනිමට පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායමේ Fakhar Zaman නොදැවී ලකුණු 126ක්ද, නායක Babar Azam නොදැවී ලකුණු 66ක්ද ලබා ගත්තේ ය.
මේ අතර, නවසීලන්ත කණ්ඩායමේ Tim Southee විසින් පාකිස්ථානු කණ්ඩායමේ එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
