පොලිස් නිල සුනඛ අංශයට නෙදර්ලන්තයෙන් සුනඛයන් 40ක්
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශය වෙත පුහුණු කර රාජකාරී සඳහා අනියුක්ත කිරීම වෙනුවෙන් නෙදර්ලන්තයේ සිට සුනඛයන් 40 දෙනෙකු අද (29) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
මෙලෙස දිවයිනට රැගෙන විත් ඇත්තේ වයස අවුරුද්දක සීමාවේ පසුවන 'German Shepherd', 'Labrador', 'Belgian Malinois' සහ 'Beagle' යන වර්ගවල සුනඛයන්ය.
දීර්ඝ කාලයකට පසුව පොලිස් දෙපාර්තමේන්තුව සඳහා 'Beagle' වර්ගයේ සුනඛයන් මෙරටට රැගෙන ඒම විශේෂත්වයක් වන අතර, ඔවුන් ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරී සඳහා පුහුණු කිරීමට සැලසුම් කර ඇත.
මෙම සියලු සුනඛයන් ඉදිරියේදී පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාව සහ හඳුනා ගැනීම, මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම මෙරට සිදුවන විවිධ අපරාධ පිළිබඳව ඔස්සේ විමර්ශනය කිරීම ඇතුළු විශේෂිත පුහුණුවීම් සඳහා යොමු කිරීමට නියමිතය.