මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි - විශ්‍රාම යන දිනය මෙන්න

Report

බංග්ලාදේශයේ හිටපු ටෙස්ට් නායක මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එළඹෙන වසරේ පෙබරවාරි 14 වැනිදා මිර්පූර්හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට නියමිත බව ඔහු නිවේදනය කර ඇත.

මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි - විශ්‍රාම යන දිනය මෙන්න | Mushfiqur Rahim Test Retirement Announcement

වසර 21ක ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් සහිත 39 හැවිරිදි මුෂ්ෆිකර් රහීම් සිය තීරණය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

2005 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 108කට ක්‍රීඩා කර ඇති අතර, ලකුණු 7,062ක් රැස්කරගෙන තිබේ.

ටෙස්ට් තරග 100කට සහභාගී වූ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා මෙන්ම, ටෙස්ට් ලකුණු 7,000 සීමාව පසු කළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙස ද මුෂ්ෆිකර් රහීම් ඉතිහාසයට එක්ව සිටී.

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

ඉරානයේ ප්‍රහාරවලට මස්ක්ගේ Starlink යොදාගෙන? - එලොන් මස්ක්ටත් යකා නැඟිලා

ඉරානයේ ප්‍රහාරවලට මස්ක්ගේ Starlink යොදාගෙන? - එලොන් මස්ක්ටත් යකා නැඟිලා

එමෙන්ම, බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වන්නේ ද ඔහුය.

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ මුෂ්ෆිකර් රහීම්ගේ ටෙස්ට් සමුගැනීමත් සමඟ වසර දෙකකට වැඩි දශක ගණනාවක් පුරා පැවති ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ගමන අවසන් වීමට නියමිතය.