හෙට දිනයේ ලංගම බස් රථ ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ හෙට (30) දිනයේදී සුපුරුදු පරිදි නියමිත ගමන් වේලාවන් තුළ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා සඳහන් කළේ, හෙට දිනයේදී ප්‍රවාහන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයින් සහ නිලධාරීන් සේවයට වාර්තා කරන බවයි.

එල් නිනෝ බලපෑමෙන් වැසි වැඩි වුණු හැටි - ලබන වසරේ අප්‍රේල් වෙනකම් වෙනස් වන කාලගුණය මෙන්න

එල් නිනෝ බලපෑමෙන් වැසි වැඩි වුණු හැටි - ලබන වසරේ අප්‍රේල් වෙනකම් වෙනස් වන කාලගුණය මෙන්න

ඒ අනුව මගීන්ට කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

අයවැයට විරෝධය පළ කරමින් හෙට දිනයේදී රාජ්‍ය ආයතන රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත බැවින් රාජ්‍ය සේවාවන් රැසකට බලපෑම් එල්ල වනු ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කර ඇත.

වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව එක්වෙයිද?

වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව එක්වෙයිද?

එවන් පසුබිමක් තුළ වුවද, මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිරන්තරයෙන් සැපයීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලය කැපවී කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.