හසලක කළඹමින් මාරක අනතුරක් - බස් රථයක් පෙරළී 22 දෙනෙකුට තුවාල

Report

මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ හසලක පාලම අසලදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 22 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.