බෙන්ජමින් නෙදන්යාහු පැහැරගෙන ගොස් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න - කවාජා අසීෆ්

Report

‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හඳුන්වා දෙමින්, ඔහු පැහැරගෙන ගොස් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඇමෙරිකාවෙන් මෙන්ම 'නොටෝ' සාමාජිකයකු ද වන තුර්කියට දන්වා තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරන්නේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයක් බැවින්, ට්‍රම්ප්ගෙන් එසේ ඉල්ලීමක් කිරීම විහිළුවක් බවයි.

වෙනිසියුලාවට එල්ල කිරීමට සැලසුම් කළ දෙවැනි ප්‍රහාරය අවලංගුයි - වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘතයි

වෙනිසියුලාවට එල්ල කිරීමට සැලසුම් කළ දෙවැනි ප්‍රහාරය අවලංගුයි - වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘතයි

එමෙන්ම දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරන්නේ ඒ ගැන ප්‍රතිචාර නොදැක්වුවත්, තුර්කිය, ඒ ගැන සිතා බලනු ඇති බවයි. පාකිස්තානයේ, 'ජියෝ' රූපවාහිනී නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ්, මෙසේ ඉල්ලා ඇති බව සඳහන්.

ඒ, වෙනිසියාලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැර ගත් ආකාරයට, හමුදාව යොදවා නෙදන්යාහු පැහැර ගැනීම කළ යුතු බව අවධාරණය කරමින්.

එසේම ජාත්‍යන්තර අපරාධ අධිකරණය, නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කිරීමක් කර ඇත්තේ, නෙදන්යාහු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන අපරාධ සැලකිල්ලට ගනිමින් යැයි ද සඳහන්.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

සුබ ආරංචියක් - රාමසාන් වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්

සුබ ආරංචියක් - රාමසාන් වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්