ලෝකප්‍රසිද්ධ අගමැතිවරයෙකුගේ නිවසට බොම්බ ප්‍රහාරයක්..වාහන වලටත් ගිණිතබයි..

Pakistan Accident World
By Aruna May 11, 2023 06:55 AM GMT
Aruna

Aruna

Report

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තාවන් වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගැණුනු පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

පකිස්ථාන තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ 500 කට අධික පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිහිටි ලාහෝර් නගරයට කඩා වැදී වාහන කිහිපයකට ගිනි තබා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව පංජාබ් පොලීසිය සඳහන් කළා.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ ආධාරකරුවන් රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කළා.

මේ වනවිට විරෝධතාකරුවන් 1000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විරෝධතා අතරතුරු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now