ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන හමුදාවෙන් දැඩි ආරක්ෂාවක්

Report

ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි ප්‍රකාශ කරයි.

ඒ අනුව එරට පාර්ලිමේන්තුවට තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දැනුම්දෙමින් අද දින ඔහු මේ බව සඳහන් කළා.

එසේම පාකිස්තාන හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් මහතා ද මෙම ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව "අපේ හමුදාව සහ පැරාමිලිටරි භටයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා" යනුවෙන් මොහ්සින් නක්වි පවසා ඇත.

බෝම්බෙට බයේ ක්‍රීඩකයින් තරග නොකර ආවොත් වසර 2ක ක්‍රිකට් තහනමක්?

බෝම්බෙට බයේ ක්‍රීඩකයින් තරග නොකර ආවොත් වසර 2ක ක්‍රිකට් තහනමක්?

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉකුත් අඟහරුවාදා (11) පැවති පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි අධිකරණයක් ඉදිරිපිට දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණා.

පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27කට තුවාල සිදුකරමින් එල්ල වූ මෙම ප්‍රහාරය වසර ගණනාවකට පසු ඉස්ලාමාබාද් හිදී සිදු වූ දරුණුතම ප්‍රහාරය වශයෙන් සැලකේ.

එසේම අඳාළ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට ක්‍රිකට් ක්‍රීඩාංගණයට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට ඇත්තේ කිලෝමීටර 10කටත් වඩා අඩු දුරක් බව ද සඳහන් වුණා.

රාජ්‍ය සේවයේ වැටුප් අර්බුදයට අලුත්ම යෝජනාවක්

රාජ්‍ය සේවයේ වැටුප් අර්බුදයට අලුත්ම යෝජනාවක්

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්