පාකිස්ථානයෙන් ඉන්දීයාවට ගුවනෙනුත් බාධා

Report

ඉන්දීය ගුවන්සේවා මගින් ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්තානය ගත් තීරණය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

පාකිස්තානු ගුවන්තොටුපොළ අධිකාරිය (PAA) පවසා සිටියේ මෙම තීරණය අගෝස්තු 24 දක්වා බලපැවැත්වෙන බවය.

ඒ අනුව ඉන්දියානු වේලාවෙන් ප.ව. 3:50ට බලාත්මක වූ මෙම තීරණයත් සමග ඉන්දියානු ගුවන්සේවා මගින් ක්‍රියාත්මක කරන කිසිදු ගුවන් යානයකට, ඉන්දියාවට අයත් හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට පාකිස්තාන ගුවන් අවකාශය භාවිතා කිරීමට අවසර නොමැත.

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

ඉන්දීය රජය පාකිස්තානු ගුවන්යානාවලට ඉන්දියානු ගුවන් අවකාශය වසා දැමීමට තීරණය කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 22වනදා පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, පාකිස්තානයට එරෙහිවයි.

ඊට ප්‍රතිචාර ලෙස පාකිස්තානය අප්‍රේල් 24 වනදා ඉන්දියානු ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට කටයුතු කරනු ලැබුවා.  

කුරුණෑගල බිලිඳිය ඉල්ලා ඇමතුම් 1000ක්

කුරුණෑගල බිලිඳිය ඉල්ලා ඇමතුම් 1000ක්