කෙහෙල්බද්දර පද්මෙගෙන් හිටපු DIG ප්‍රියන්ත ජයකොඩිට මරණ තර්ජන

Police spokesman Crime Branch Criminal Investigation Department Law and Order Sinhala news Breaking News
By Kaushi Jul 17, 2025 09:06 AM GMT
Kaushi

Kaushi

Report

 වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විසින් විදේශයක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තා විසින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට එල්ල කළ බවට පවසන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් ආරම්භ කරන මෙන් රහස් පොලිසියට නියෝග කර ඇති බව වාර්තා වේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඒ අනුව රහස් පොලිසිය අධිකරණයට පවසා ඇත්තේ විදේශ රටක සිට ජංගම දුරකථන ඇමතුමක් මගින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාට අඳාළ තර්ජනය එල්ල කර තිබෙන බවයි. එසේම තමන් 'කෙහෙල්බද්දර පද්මේ' යනුවෙන් හඳුන්වා ගත් පුද්ගලයෙක් මෙසේ අඳාළ ඇමතුම ලබා දී ඇති බවත් පවසයි.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ඒ අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙන බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත. කෙසේ වෙතත් 'කෙහෙල්බද්දර පද්මේ' යනු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලබන පුද්ගලයෙක් වේ.

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඒ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටියදී 'ගණේමුල්ල සංජීව' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කර මෙහෙයවීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වී ඇත.

තවද මින් පෙර මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් පවා පැන යාමට ඔහු සමත් වූ බවට මීට පෙර ඇතැම් වාර්තා පළ වී තිබෙනවා.

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

මේ අතර ප්‍රියන්ත ජයකොඩි මහතා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරව සේවය කළ කාලයේදී සංවිධානාත්මක අපරාධ සහ පාතාල කල්ලි මර්දනය කිරීමට විශිෂ්ට සේවාවක් ඉටු කළ නිලධාරියෙක් බව සඳහන්.

එනිසා ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය පසු, සාපරාධී ආකාරයට බිය ගැන්වීමේ අරමුණින් මෙම මරණ තර්ජනය ඔහුගේ ජංගම දුරකතනයට එල්ල කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි

ලංකාවෙ අය ළමයි හදන් නැත්තේ සල්ලි නැති නිසා UNFPA එළි කරයි

ReeCha