වී අලෙවි මණ්ඩලයෙන් අලුත්ම වාර්තාවක්- මේ දක්වා මිලදී ගත් වී මෙට්‍රික් ටොන් ගණන මෙන්න
වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගෙන ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සදහන් කර තිබේ .
ඒ මහතා පැවසුවේ මින් වැඩිම වී අස්වනු තොගයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන බවයි පසුගිය ජූනි මාසයේ 13 වැනිදා සිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කෙරිණි.
බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම අවසන් කර ඇති නමුත් පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල සහ පුත්තලම ආදී ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කර ඇත .
ඒ අනුව එම ප්‍රදේශවල වී ගබඩා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය. වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරීව පවත්වාගෙන යන බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර තිබේ