ඉඩම් කොමිෂන් සභාවේ සේවක අතිරික්තයක් – අමාත්‍ය ලාල් කාන්ත හෙළි කරයි
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා එහි කටයුතු සොයා බැලුවා.
පසුගිය රජයන් මගින් අත්‍යවශ්‍ය නොවන අසීමිත බඳවා ගැනීම් හේතුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවක අතිරික්තයක් පවතින බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා එහි කළ සංචාරයක දී හෙළිව තිබෙනවා.
කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාල 20ක් පිහිටුවා ඇති අතර ජනතාවට ඉඩම් ගැටලු විසදා ගැනීමට එමගින් අවස්ථාව ලබාදී තිබෙනවා. ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබද ප්‍රගති සමාලෝචනයක් ද මෙහිදි හදුන්වාදෙනු ලැබුවා.
අඩු ආදායම්ලාභීන්ට සහ රාජ්‍ය ආයතන සදහා ඔප්පු ලබාදීම / කෘෂිකාර්මික ඉඩම්වලට ඔප්පු ලබාදීම / ඉඩම් ගැටලු විමර්ෂණය මෙන්ම බදු නොගෙවන හා ඌණ උපයෝජිත ඉඩම් සම්බන්ධ විමර්ෂණය ද ඒ අතර වනවා.
සේවක අතිරික්තය මෙන්ම ආයතන පරිශ්‍රය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමත් ඇතැම් තනතුරු සදහා බදවා ගැනීම් සිදුකළ යුතු බවත් සේවකයන් පෙන්වා දුන්නා.