බන්ධනාගාර නිලධාරීන් 3,069 දෙනෙකුට මෙතෙක් කිසිදු ගිනි අවි පුහුණුවක් ලබාදී නැත

Report

සිරකරුවන් සමඟ ඍජුව කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් 3,069 දෙනෙකුට මෙතෙක් කිසිදු ගිනි අවි පුහුණුවක් ලබාදී නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

සිරකරුවන් කළමනාකරණය කිරීමේදී සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ඉටු කරගැනීමේදී නිලධාරීන් වෙත ගිනි අවි පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකුට අවාසනාවන්ත ඉරණමක් - එක් අයෙක් මරුට

මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකුට අවාසනාවන්ත ඉරණමක් - එක් අයෙක් මරුට

2018 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ ගිනි අවි පුහුණුව ලබාදී ඇත්තේ සිරකරුවන් හා සම්බන්ධ වන නිලධාරීන් සහ නිලධාරිනියන් 2,389 දෙනෙකුට පමණි.

මේ අතර, විවිධ චෝදනාවලට ලක් වූ බන්ධනාගාර නිලධාරීන් 601 දෙනෙකු පිළිබඳව ද මෙම විගණන වාර්තාව මඟින් තොරතුරු අනාවරණය කර ඇත.

ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශිරාන් බාසික් සියල්ල වමාරයි - ත්‍රස්ත සංවිධාන කීපයක් ගැන හෙළි වේ

ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශිරාන් බාසික් සියල්ල වමාරයි - ත්‍රස්ත සංවිධාන කීපයක් ගැන හෙළි වේ

එම පිරිස අතර වැඩ තහනමට ලක් වූ 149 දෙනෙකු, සේවයෙන් පහ කළ 28 දෙනෙකු, සේවයෙන් ඉල්ලා අස්වූ 28 දෙනෙකු, සේවය අවසන් කළ 23 දෙනෙකු සහ අනිවාර්ය නිවාඩු යැවූ නිලධාරීන් 8 දෙනෙකු ද වන බව එහි දැක්වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවෙහි මෙම තොරතුරු සවිස්තරාත්මකව ඇතුළත් කර තිබේ.