පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන - ගැහැණු ළමයෙකුට වෙඩිත් තියලා.. හද කම්පා කරවන පුවතක්..

By krishani Mar 08, 2024 10:09 AM GMT
Report

පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති පුවතක් පිළිබඳව තොරතුරු නයිජීරියාවේ වයඹ දිග කුරිගා නගරයෙන් වාර්තා වේ.

පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන - ගැහැණු ළමයෙකුට වෙඩිත් තියලා.. හද කම්පා කරවන පුවතක්.. | Over 280 Nigerian Students Are Kidnapped

වයස අවුරුදු 8ත් 15ත් අතර පසුවන සිසුන් පිරිසක් ගුරුවරයෙකු සමඟ රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

යතුරුපැදිවලින් පාසලට පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඔවුන්ව පැහැරගෙන ඇත.

ද්විතීයික පාසලකින් සිසුන් 187 ක් සහ ප්‍රාදේශීය ප්‍රාථමික පාසලෙන් 125 ක් අතුරුදහන් වී ඇති බව ද වාර්තා වේ.

මෙම පැහැර ගැනීම තහවුරු කරමින් ඒ සම්බන්ධයෙන් කුරිගා ඇතුළු කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර උබා සානි විසින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, තුවක්කුකරුවන් විසින් එක් ගැහැණු ළමයෙකුට වෙඩි තබා ඇති අතර ඇය රෝහල් ගත කර තිබෙනවා.