අවුරුද්දම ලංකාවට සුභයි වගේ - මෙන්න අලුත්ම තොරතුර

Report

වසරේ පළමු දින 15 තුළ සංචාරකයින් 131,898 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.

එම කාලය තුළ වැඩිම සංචාරකයින් පැමිණීම පෙරේදා වාර්තා වූ අතර එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 10,483ක් ලෙසයි.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 23,786ක් බවයි. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවලින් ද මෙරටට සංචාරිකයින් වැඩි වශයෙන් පැමිණ ඇත.