අයහපත් කාලගුණයෙන් වෙච්ච විනාශයක් - මරණ 4ක් වාර්තා වේ

Report

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයන් 10,553ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 4ක් සිදුව ඇති බවත්, නිවාස 387කට අර්ධ හානි සහ නිවාස 2කට පූර්ණ හානි සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය වාර්තා කරයි.

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්

පවුල් 36කට අයත් පුද්ගලයන් 152 දෙනෙක් ඥාතී නිවෙස්වල රැඳී සිටින අතර, තිඹිරිගස්වාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක පුද්ගලයන් 30 දෙනෙක් රඳවා තබා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ, ජනතාවට ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

හිතපු හැමදේම ඉටුවෙන රැකියාව සුබ වෙන අද දවසේ මේ ලග්නවල සතුට උතුරයි

හිතපු හැමදේම ඉටුවෙන රැකියාව සුබ වෙන අද දවසේ මේ ලග්නවල සතුට උතුරයි