අනේ මගේ රන්කඳ..මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ - වැලිගම සභාපතිගේ දේහය ඉදිරියේ සංවේදී දසුනක්

Report

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

ඒ අනුව ඊයේ (22) දින රාත්‍රීයේදී ඒ මහතාගේ දේහය නිවසට රැගෙන විත් තිබූ බව වාර්තා වුණා.

නිවසට ගෙනා සභාපතිවරයාගේ දේහය ඉදිරියේදී ඔහුගේ බිරිඳ,

"අනේ මගේ රන්කඳ මාව දාලා යන්න එපා...මට දරාගන්න අමාරුයි. හිත හදාගන්න එක පාරක් මට කතා කරන්න. මම කොච්චර ආදරෙන් ද මෙයාව බලාගත්තේ. මට මෙච්චර වේදනාවක් දීලා ගියා. අනේ මගේ රන්කඳ එන්නකෝ මා ළඟට එකපාරක්...මම එනකල් පොඩ්ඩක් පණ අල්ලගෙන ඉන්න තිබුණානේ..." යනුවෙන් හඬා වැළෙපුනේ රැස්ව සිටි පිරිසද කම්පා වෙන අයුරුන්.

කෙසේ වෙතත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට

ඊයේ (22) දින උදෑසන 10.30ට පමණ සභාපතිවරයාවරයා ඔහුගේ කාර්යාලය තුළ පුටුව මත දීම වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඔහුගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවෙක්.

ඊයේ දින මහජන දිනයක් වූ බැවින් සභාපතිවරයා හමුවීමට මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය වාර්තා කළා.

එම අවස්ථාවේදී වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසින් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබුණා.

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිල කාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණෙන විට වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළු වී ඇති බව සඳහන්.

එසේම මෙම වෙඩි ප්‍රහාරයෙන් පසුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් ඇත.

එමෙන්ම සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබූ බවද පොලීසිය ප්‍රකාශ කළා.  

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න