Chrome, Google වලට බරපතළ අභියෝගයක්
ChatGPT නිර්මාණය කළ OpenAI සමාගම මඟින්ම කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් බල ගැන්වෙන නව වෙබ් බ්‍රව්සරයක් එළිදක්වා ඇත.
එසේම එය "ChatGPT Atlas" නමින් නම් කර තිබෙනවා.
මෙය ලොව ජනප්‍රියතම බ්‍රව්සරය වන Chrome ක්‍රියාත්මක කරන Google වැනි තරඟකරුවන්ට අභියෝගයක් එක්කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් OpenAI ප්‍රධාන විධායක සෑම් ඕල්ට්මන් (Sam Altman) ප්‍රකාශ කර ඇත්තේ "ChatGPT Atlas" නැමැති මෙම බ්‍රව්සරය සෙවීමේ ප්‍රධාන අංගයක් වන (address bar) ඉවත් කර ඇති අතර එය "ChatGPT වටා ගොඩනගා ඇති" බවයි.
එසේම මෙම නව බ්‍රව්සරය ඇපල් සමාගමේ MacOS මෙහෙයුම් පද්ධතිය මත භාවිතයට ලබා දී ඇත.
මේ අතර OpenAI කෘත්‍රිම බුද්ධි ආයෝජනය මුදල් ඉපැයීමට සහ වර්ධනය වන පරිශීලක පදනම ප්‍රයෝජනයට ගැනීමට නව මාර්ග සොයන මොහොතක Atlas පැමිණීම ඉතාම වැදගත් බව වාර්තා වේ.
තවද Atlas විසින් "Agent Mode" වශයෙන් නම් කරන ලද විශේෂාංගයක් ද හඳුන්වා දී ඇත.
දැක්වෙන ආකාරයට එය ජනප්‍රිය චැට්බෝට් භාවිතා කරන්නන් සඳහා තනිවම සෙවීම් සිදු කරයි.
කෙසේ වෙතත් මෙම විශේෂාංගය ලබා ගත හැක්කේ මුදල් ගෙවන ChatGPT ග්‍රාහකයින්ට පමණක් වේ.
එසේම එය (browsing context) සමඟ වැඩ කිරීමෙන් වේගවත් හා වඩාත් ප්‍රයෝජනවත් වැඩිදියුණු කිරීම්" සිදු කිරීමට යොදා ගත හැකි බව සඳහන්.
ඊට අමතරව සමාගම සිය මාර්ගගත සේවාවන් වෙත පරිශීලකයින් යොමු කිරීමට Etsy සහ Shopify වැනි ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි සමඟ මෙන්ම Expedia සහ Booking.com වැනි වෙන් කිරීමේ සේවා සමඟ ද හවුල් වී ඇත.
මෙම ChatGPT සතියකට සක්‍රිය පරිශීලකයින් මිලියන 800 ක් දක්වා වර්ධනය වී ඇති බව නිවේදනය කර ඇත.
එසේ වුවද විශේෂඥ මතය වී ඇත්තේ නව Chrome හෝ Microsoft Edge වෙත බරපතළ අභියෝගයක් එල්ල කරනු ඇතැයි සැකයක් තිබෙන බවයි.
LLM ඔස්සේ සෙවීම් සිදු කරන අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යාම මෙම නව බ්‍රව්සරයට හොඳ අවස්ථාවක් විය හැකි බව ද පවසයි.
මේ අතර Google ද දැඩිව AI සඳහා ආයෝජනය කර තිබෙන අතර ඉකුත් වසරේ සිට සිය සෙවුම් ප්‍රතිඵලවල AI-ජනනය කරන ලද පිළිතුරුවලට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව සඳහන්.