ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට විරුද්ධව සජබෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගියේ මෙහෙමයි
වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට විරුද්ධව සමගි ජන බලවේගය අද(23) දින පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව අද (23) දින පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණියේ කළු ඇඳුමින් සැරසීගෙන බව වාර්තා වේ.
ඒ පිළිබඳ කළ විමසීමකට පිළිතුරු වශයෙන් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ සභාපතිවරයාගේ ඝාතනයට විරුද්ධව මෙම විරෝධතාවය පළ කරන බවයි.
එබැවින් එය සංකේතාත්මක වශයෙන් පළ කිරීමට සමගි ජන බලවේගයේ සියලුම දෙනා අද දින කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් මේ තීරණය ඊයේ (22) දින රැස්වූ සමගි ජන බලවේගයේ දේශපාලන කළමනාකරණ කමිටුවේ දී ගත් බවත් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා ඇත.
තවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පාතාල චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මෙම ඝාතනය ගැන සෙවීම මඟ හරිමින් සිටින බවයි.
ඊට විරෝධය පළ කරමින් සහ නියම ඝාතකයින් අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සිදුකරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
