හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 500කට අධික ප්‍රමාණයක් නිදහස් කෙරේ
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පවසන්නේ 2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු - නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බවයි.
තවද එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බව අද (23) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ හෙළිදරව් කරමින් පවසා තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවට ද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදුකළ බව ද සදහන් කර තිබේ.
තව දුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇති බවයි.