නාවලපිටිය උණුසුම් වේ - මහින්ද රාජපක්ෂ විවෘත කළ ගොඩනැගිල්ලේ ගැටලුවක්

Report

නාවලපිටිය නගර සභාවේ නිලධාරින් විසින් නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩ සාප්පු හිමියන් විසින් නගර සභාවට නියමිත පරිදි බදු නොගෙවු බවට පවසමින් කඩ සාප්පු මුද්‍රා තැබීම සඳහා පැමිණීම හේතුවෙන් ඊයේ එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

2019 වසරේදී කොළඹ අභියාචනාධිකරණයට අදාළ වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් 11 දෙනෙක් විසින් වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් 11 දෙනෙක් විසින් නඩුවක් පවරා ඇත.

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු

පසුව 2025.06.02 වන දින එම නඩුව අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇත. එමෙන්ම නඩු තීන්දුවට අනුව නාවලපිටිය නගර සභාවට මෙම වෙළඳ සංකීර්ණයෙන් ව්‍යාපාරිකයන්ගෙන් හිමි විය යුතු කෝටි පහළොවකට ආසන්න බදු මුදල් අය කර ගැනීමට නීතිමය බලය පවරා ඇත.

2010 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 2130 ක වියදමක් දරමින් විවෘත කර ඇත. මෙම ඉඩම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් බවත්, 2021 දී දුම්රිය සාමාන්‍ය සාමාන්‍යකාරී නාවලපිටිය නගර සභාවට අනවසරයෙන් මෙම භූමිය බදු දීම පිළිබඳ ලිඛිතව දන්වා ඇති බවත් වෙළද සංකීර්ණයේ කඩ කාමර හිමි වෙළඳුන් පවසයි.

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

එමෙන්ම නගර සභාවට මෙම භූමියේ අයිතියක් නොමැති බවත්, මෙම වෙළද සංකීර්ණය එවකට රජය විසින් ඉදිකළත්, වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේනද මෙම ගොඩනැගිල්ල ඉදි කිරිමට මුදල් ලබා ගෙන ඇති බවත් ඔවුන් පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මේ පිළිබඳ තමන්ට සාධාරණයක් සිදු කරන තුරු මෙම ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට තමන් ඉඩ නොදෙන බවයි.

එම වෙළදසැල් හිමි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ තමන් මුලින් එක් කඩ කාමරයක් සදහා ගෙවූ රු.1500 සිට රු.4500 දක්වා විවිධ මිල ගනන් යටතේ කුලී මුදල් ගෙව්වද වර්ථමානයේ එම කඩ කාමරවලට රු.23500 සිට රු. 40000 දක්වා අධික මුදලක් ගෙවීමට තක්සේරු කර ඇති බවයි.

එම තක්සේරු මුදල අනුව ව්‍යාපාරිකයන්ට රු.ලක්ෂ 15 සිට රු.ලක්ෂ 130 දක්වා විවිධ මිල ගණන් ගෙවීමට සිදු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙම මෙම ස්ථානයට පැමිණි ජාතික බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාවලපිටිය නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතාට ව්‍යාපාරිකයන්ගෙන් දැඩි විරෝධයක් මතුවිය.

ව්‍යාපාරිකයන් නගර සභාවේ නිළධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ පැමිණිල්ලක් කරන බවද නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.