බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩිකාවට අවමන් කළැයි මල්කි ICCයෙන් අවවාද
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ක්‍රීඩක චර්යා ධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩිකා මල්කි මදාරා වෙත අවවාද හිමිව ඇත.
එයට හේතුව කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පසුගියදා බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ඇය කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව කරන ලද සැමරීමයි.එය ක්‍රිකට් චර්‍යා ධර්ම වලට අනුකූල නොවේ.
එවගේම ඇයට එරෙහි චෝදනාව ඉදිරිපත් කර ඇත්තේ එම තරගයේ පිටියේ විනිසුරුවරියන් ලෙස කටයුතු කළ, කැන්ඩේස් ලා බෝර්ඩ් සහ සාරා දම්බනේවානා මෙන්ම තෙවැනි විනිසුරු ලෝරන් ඒජන්බැග් සහ සිව්වැනි විනිසුරු ක්ලෙයාර් පොලොසැක් විසිනි.
ඒ අනුව මල්කි විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්‍යා ධර්මවලට අනුව පළමු කාණ්ඩයේ වරදක් ලෙස 25.2 වගන්තිය යටතේ දැක්වෙන, “ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු දැවී ගිය පසු ඇයව අවමානයට ලක් කරන හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි භාෂාව, ක්‍රියා හෝ අභිනයන් භාවිතා කිරීම” යන වරද සිදුකොට ඇති බව වාර්ථා වෙයි.
තරගයේ 11 වැනි පන්දුවාරයේ මල්කි යොමු කළ පන්දුවකට බංග්ලාදේශ ක්‍රීඩිකා ෆෝර්ග්නා හක් හර්ශිතා සමරවික්‍රම විසින් දුවද්දී දැවීයාමකට ලක්කර ගැනීමෙන් අනතුරුව මල්කි මෙම සැමරුම සිදුකොට ඇත.

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) තීරණය කර ඇත්තේ මාස 24ක කාල පරාසයක් ඇතුළත මල්කි විසින් සිදු කළ ප්‍රථම ආචාර ධර්ම උල්ලංඝණය මෙය වීම හේතුවෙන් ඇයට දඩ පැනවීමකින් තොරව අවවාද සිදු කිරීමටයි.
මල්කි විසින් සිය වැරැද්ද සහ ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයේ සාමාජිකාවක් වන ෂැන්ඩ්‍රේ ෆ්‍රිට්ස් විසින් යෝජිත දඬුවම පිළිගැනීම නිසා ඇයට විධිමත් චෝදනා විභාගයකින් වැළකී සිටීමට අවස්ථාව උදා වී තිබේ.