දිවයිනේ සියලුම පෙර පාසල්වලට විශේෂ නිවේදනයක්

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) දින පාර්ලිමේන්තුවේ දී රැස්ව තිබුණා.

එම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැතිනිය ප්‍රකාශ කළේ 2026 වසරේ සිට රට පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව පූර්ව ළමාවිය විෂය මාලා රාමුව දැනටමත් සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ද සඳහන් කළා.

පාසල් යන ඔබේ දරුවාට සුබවාදී ආරංචියක් මෙන්න

පාසල් යන ඔබේ දරුවාට සුබවාදී ආරංචියක් මෙන්න

එසේම එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන බවත් එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් අගමැතිනිය පැවසුවා.

මේ අතර පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවටත් ඇය අවධාරණය කර සිටියා.

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබා දීමේ අරමුණින් සිදු කරන බවයි.

ගුරු සේවය වෙනුවෙන් බලන් හිටිය අයට සුබ ආරංචියක්

ගුරු සේවය වෙනුවෙන් බලන් හිටිය අයට සුබ ආරංචියක්

පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම ගැන ගත් අලුතම තීරණය

පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම ගැන ගත් අලුතම තීරණය