එකපාරක් රංඩු වෙලා මම මගේ මඟුල් මුද්ද පවා වීසි කළා. ඉතින්.. අපි දෙන්නා අවසානයේ තීරණයකට ආවා.. ඕෂධී හේවාමද්දුම සියල්ල හෙළි කරයි. (PHOTOS)

By Sithumi Dec 22, 2022 05:03 PM GMT
Sithumi

Sithumi

Report

ඕෂධී හේවාමද්දුම කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවූ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. මේ වෙද්දි පුංචි තිරයෙන් දකින්න නොලැබෙන ඇය කාලයක් තිස්සේ දේශපාලන කරළියෙත් දැකගත හැකිවුණා.  

පසුගිය දවසක ඕෂධී යූටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින් මේ විදිහට අදහස් දක්වා තිබුණා. සිංගල් මාම් කන්සෙප්ට් එක ගැන ඕෂධී කියපු කතාව…?

 මට හොඳ මහත්තයෙක් හම්බුණාට හැමෝටම නෑ. ඒක ලබා උපන් හැටි. මට ඒ මහත්තයත් හිටියේ නැත්තම් මම මගේ උත්සහයෙන් දරුවා හදාගෙන ජීවත් වෙනවා. හැබයි ඒකට ලොකු හයියක් ඕනේ. මම හිතන්නෙ එහෙම අයට අපි ගොඩක් ගරු කරන්න ඕනෙ. ප්ලෑන් එකක් තිබ්බ නම් ජීවිතේ ඇනෙන තැන් අඩුයි.

පවුල් සැලසුම් තියෙන්නේ එකට. මම අවුරුදු 22න් බැන්ඳට දරුවෝ හැදුවේ නෑ. අපි ට්‍රැවල් කළි. විනෝද වුණා. ඒවා දරුවා හම්බුණාට පස්සෙ විඳින්න අමාරුයිනේ. කෙනෙක්ට අපි අවුරුදු දහයක් යාලුවෙලා බැන්ඳත් විවාහ වුණු ගමන් දරුවෝ හදන්න එපා. මොකද යාලුවුණා වගේ නෙවේ බැන්ඳට පස්සෙ.. මමයි මහත්තයයි බැන්ඳ ගමන් වෙන ගෙදරකට ගියා මාස හයක්…  

අපි දෙන්නා හැමදාම රංඩු වෙනවා. එක්කො අරයා ඇඳුම කොහේ හරි දමලා ගහලා. විසි කරලා. මම බැන බැන යනවා. ඇඳ අස් කරන් නෑ. පොඩි පොඩි දේවල්. ඕවා යාලු වුණු කාලේ නෑනේ. අපි දෙන්නා අවසානයේ තීරණයකට ආවා මට තරහා ගියාම එයා නිශ්ශබ්ද වුනා. එයාට තරහා ගියාම මම නිශ්ශබ්ද වුණා. එකපාරක් රංඩු වෙලා මම මගේ මඟුල් මුද්ද පවා විසි කළා.

 දැන් අපි බැඳලා අවුරුදු පහළොවක්. මම මේ කියන්නෙ අත්දැකීම්. අපිට ගැළපෙන් නැත්තම් ඩිවෝස් වෙන එකයි හොඳ. නමුත් අපි දෙන්නා එකඟතාවයකට ආවනේ. ඒම කාලයක් ගිහින් තමයි දරුවෙක් හදන්න තීරණේ කළේ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery