අතුරලියේ රතන හිමියන් දුටු තැන අල්ලන්න නියෝග - අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි

Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත.

මෙලෙස වරෙන්තු නිකුත් කිරීම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත සිදුවූ බව වාර්තා වේ.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මෙම වරෙන්තුවට අදාල නඩුව වනුයේ 2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ සිද්ධිය බව වාර්තා වේ.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

මේ පිලිබදව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සදහා අත්අඩංගුවට ගැනීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සොයා රාජගිරියේ සඳහම් සෙවනට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගිය නමුත් අතුරලියේ රතන හිමියන් එහි නොසිටීමත් උන්වහන්සේගේ ජංගම දුරකථනයද ක්‍රියාවිරහිතව තැබීමත් විමර්ශනය තවදුරටත් පුළුල් වීමට හේතු විය.

පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපි ලේඛන වලට අත්සන් ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතුරලියේ රතන හිමියන්ට ලබා ගත් බව වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් පැමිණිලි කර ඇත.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

පැමිණිල්ලට අනුව සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයෙකු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු මීට පෙර කටුවන නන්දසීහ හිමි නමින් පැවිදිව සිටි අයෙකු බවයි.

මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙක් සැකකරු විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, සිද්ධිය සිදුවූ අවස්ථාවේදී අතුරලියේ රතන හිමියන් සහ සැකකරුවන් අතර අසාමාන්‍ය ලෙස දුරකථන සම්බන්ධතා පැවැත්වී ඇති බව අනාවරණය වී තිබේ.