මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන විපක්ෂ නායකයාගෙන් ඉල්ලීමක්
සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.
පසුගිය සඳුදා (27) විපක්ෂය මෙම ඉල්ලීම කථානායකවරයාට ඉදිරිපත් කළ බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.
එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමට කථානායකවරයා පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
මෑතකදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට එල්ල වූ තර්ජන සහ ආරක්ෂක ගැටලු මතුවීමත් සමඟ මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ඇත.