රනිල් වෙනුවෙන් විපක්‍ෂය එක්වේ-විශේෂ තීරණයක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින,එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද දහවල් 12.00ට මල්පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් සහභාගී වන බවද වර්තා වෙනවා.
එක්සත් ජාතික පක්ෂය ,සමගි ජන බලවේගය ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය, පොදුජන ඵක්සත් පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය,ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිනයින් මෙම අවස්ථාවට පැමිණීමට නියමිතව තිබෙනවා.