ආනෝජන් සිවරාසාගේ මරණ දඬුවම වහා අවලංගු කර නිදහස් කරන්න - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් බලපෑම්

Report

සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ

අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මත පදනම් වී ඇති බැවින් ඔහු වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දී ඇත

මොහොමඩ් නබි තුමාට අපහාස කරන බවට සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිවරාසා අනෝජන්ට සෞදි අරාබියානු අභියාචානධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙන්නේ හුදෙක් තම අදහස් ප්‍රකාශ කිරිම හේතුවෙන් කිසිවෙකු සිරගත නොකළ යුතු අතර මරණ දඬුවම වැනිදඬුවමකට ලක් නොකළ යුතු බවයි.

මේ අතර මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අද (08) ඔහු රැඳී සිටින බන්ධනාරය වෙත යාමට නියමිතව තිබේ.

බන්ධනාගාරෙයේ රඳවා සිටියදී අනෝජන්ට තවත් සිරකරුවකු විසින් පහරදීමක් සිදුකර තුවාල කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට තානාපතිවරයා දමාම් හි බන්ධනාගාරය වෙත යාමට නියමිත බව සදහන්ය

මේ අතර සිවරාසා අනෝජන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියාවට ගොස් සිටින මෙරට නියෝජිත කණ්ඩායම අද දිනයේත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට නියමිතය.

 එරට නීතීඥවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා ඊයේ දින ප්‍රකාශ කර ඇත.

ලබන 17 වන දිනට පෙර අනෝජන්ගේ අභියාචනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කර   තිබේ.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

දශක හතරක සිනමා ගමන නිමවෙයි- බොලිවුඩ් සිනමාව සොලවාලූ නානා පටේකාර්ගේ හදිසි නික්මයෑම

දශක හතරක සිනමා ගමන නිමවෙයි- බොලිවුඩ් සිනමාව සොලවාලූ නානා පටේකාර්ගේ හදිසි නික්මයෑම