විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි කැඳවීමක්
විරුද්ධ පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(06) දින විශේෂ වැඩමුළුවකට කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ කැඳවීම වර්තමාන ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්.
ඒ අනුව අද සවස 2.00කට කොළඹ දී මෙම වැඩමුළුව පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.
එසේම රටේ ආර්ථිකය, අයවැය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම වැඩමුළුවේදී විද්වතුන් කිහිප දෙනෙකු විසින්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇති බව ද සඳහන්.
මෙම වැඩමුළුව පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගි වීම සඳහා වැදගත් වන කරුණු රැසකින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සන්නද්ධ කිරීමේ අරමුණින් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව මෙම මැඩමුළුව පැවැත්වෙන බවයි.
මේ සඳහා විරුද්ධ පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 සඳහා වන අයවැය හෙට(07) දින සවස 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.