2026 නව වසරට විපක්ෂ නායකවරයාගෙන් රටටම සුබ පැතුම්
By Kaushi
2026 නව වසර සඳහා සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අන්ධකාරය පළවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් ජයග්රහණයෙන් යශෝරාවය නැගෙනතුරු ගිරි දුර්ගය තරණය කරමු යන්නයි.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සාමූහික ප්රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තැබිය යුතු බවයි.