ඉතිහාසය හැරවූ මෙහෙයුම - පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
ඉන්දුනීසියාවේ දී සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනෙකු එකවර අත්අඩංගුවට ගැනීම ඉතිහාසයේ පළමු වරට සිදුකළ මෙවැනි මෙහෙයුමක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනාට ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
ශ්‍රී ලංකා පොලීසියේ සම්බන්ධීකරණයෙන් සහ ජාත්‍යන්තර පොලීසියේ සහයෝගයෙන් ඉන්දුනීසියානු පොලීසිය මඟින් මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකර ඇති බව පොලිස්පතිවරයා පැවසීය.
එසේම, අතීතයේ ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධවලට දේශපාලන සම්බන්ධතා පැවති බවත්, වර්තමානයේ එවැනි දේශපාලන රැකවරණයකින් තොර පරිසරයක් බිහිවෙමින් පවතින බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය.
බොහෝ විට විදේශීය රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව දේශපාලන බලපෑමකින් තොරව නීතිමය තීරණ ගැනීමට පොලීසියට උපදෙස් ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඩුබායි, ඕමානය, රුසියාව, බෙලරූසය, ප්‍රංශය වැනි රටවලද සංවිධානාත්මක අපරාධකරුවන් පැතිර සිටින බවත්, ඔවුන්ට එරෙහිව ඉක්මනින් තීරණ ගන්නා බවත් පොලිස්පතිවරයා පැවසීය. මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට සහාය වූ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට විශේෂ ස්තූතියක් පිරිනමන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.