ලොවම පුදුම කළ නෙරපිමක් නිසා - ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගමකට සිදු වූ දේ.

Microsoft World
By Wayomi Nov 21, 2023 08:59 AM GMT
Wayomi

Wayomi

Report

ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගම වන "OpenAI" සමාගම තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම සමාගමේ සම නිර්මාතෘ සහ එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ සෑම් ඔල්ට්මාන් ව සේවයෙන් නෙරපීම හේතුවෙන්.

ලොවම පුදුම කළ නෙරපිමක් නිසා - ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගමකට සිදු වූ දේ. | Openai Company Hot Status

එම සමාගමේ සේවකයින්ගෙන් 95%ක් අධ්‍යක්ෂ මණ්ඩලයට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය දුර්වල බවත් සිය සමාගමේ කටයුතු මෙම තීරණය හේතුවෙන් අඩපන විය හැකි බවයි.

ඒ, අනුව ඔවුන් බල කරමින් ඉල්ලා සිටින්නේ, සිය ප්‍රධානියාව නැවතත් සේවයේ පිහිටුවන ලෙසයි.

අල්ට්මාන් පසුගිය සතියේ, සේවයෙන් නෙරපා ඇති අතර ඉන්පසුව තම සමාගමේ නව පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස අල්ට්මාන් ව තෝරාගත් බවට මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර ඇත.

කෙසේ වෙත්ත සිය ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමන් ද "OpenAI" සමාගමෙන් අස්වන බව ද සේවකයින් ප්‍රකාශ කරනවා.     

ලොවම පුදුම කළ නෙරපිමක් නිසා - ලොව ප්‍රමුඛතම කෘත්‍රීම බුද්ධිය හා සම්බන්ධ සමාගමකට සිදු වූ දේ. | Openai Company Hot Status

ReeCha