අන්තර්ජාලය හරහා සූදු කෙලපු චීන ජාතිකයන් 14ක් ඇතුළු 17 ක් ඇල්ලූ ඔත්තුව.
අන්තර්ජාලය හරහා සූදු ඔට්ටු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් 14 දෙනෙකු ඇතුළු 17දෙනෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන් මැලේසියාවේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහජන ඔත්තුවක් මත මාසයකට වැඩි කාලයක් සිදු කරන ලද මෙහෙයුමක් හා එහිදී අනාවරණ වූ බුද්ධි තොරතුරු මත පදනම්වයි.
මෙම අන්තර්ජාල සුදු ඔට්ටු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් ඉලක්ක කරගෙන ඇත්තේ, බ්‍රසීලයේ පාරිභෝගිකයන් වන අතර මොවුන් සන්තකයේ තිබූ ලැප්ටොප් 16ක්, පරිගණක 10ක් ජංගම දුරකථන 45ක් ද, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම චීන ජාතිකයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වලංගු වීසා බලපත්‍ර හා සංචාරක ලියකියවිලි හා හැඳුනුම්පත් ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට අසමත්ව ඇති බව ද වාර්තා වෙනවා.
Sponsored By Sarrita Jewellery
