මුළු කිලිනොච්චියම කම්පා කළ අවාසනාවන්ත අනතුර-සීයා පැදවූ කැබ් රථයට යටවී අවුරුදු එකහමාරක කුඩා දැරිය මරුට
කිලිනොච්චිය, උරුත්තිරපුරම්, ශිවනගර් ප්‍රදේශයේදී සීයා විසින් පැදවූ කැබ් රථයකට යටවීමෙන් අවුරුදු එකහාමාරක් වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවසේ මිදුලේ නවතා තිබූ කැබ් රථය සීයා විසින් පසුපසට ගැනීමට යාමේදී දැරිය ඒ දෙසට පැමිණ ඇති අතර එහිදී ඇය කැබ් රථයේ රෝදයට හසු වී ඇත
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් සදහන් කරයි.
බේ මියගිය දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට කටයුතු යොදා ඇත මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .