පානදුරේ පාතාල වෙඩි - එක් අයෙකු මරුට

Sri Lanka Police Crime Law and Order Sinhala news
By Shehan Apr 29, 2025 02:46 AM GMT
Shehan

Shehan

Report

හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක අද (29) අලුයම පැවති සාදයක් අතරතුර, යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් එම නිවසට ඇතුළු වී වෙඩි තබා පලා ගොස් ඇති බව හිරණ පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, එක් අයෙකු මිය ගොස් ඇත.

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් වූ අතර, තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 20ක් වූ, බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවයි.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලිසිය විමර්ශන දිගටම සිදු කරයි.

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

පානීය ජලය ගැන මහනුවර ජනතාවට විශේෂ දැනුම්දීමක්

ReeCha