රටම කළඹමින් පළමු ආපදා මරණය වාර්තා වෙයි - කැළඹුණු කාලගුණයෙන් තවත් පුද්ගලයන් 203 ට බලපෑම්

Report

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති ආපදා තත්ත්වය නිසා එක් ආපදා මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව එම ආපදා මරණය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත්තේ විසින් අද (13) පෙරවරු 10.00ට නිකුත් කළ නිවේදනයකින්.

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

එසේම අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 17ක ජනතාව පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව පවුල් 62කට අයත් පුද්ගලයින් 203 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථායක පුද්ගලයින් 17 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

මේ අතර නිවාස 39ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

තත්ත්වය දරුණු වෙයි - තවත් දිස්ත්‍රික්ක රැසකට දෙවන අදියරයේ නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කරයි

තත්ත්වය දරුණු වෙයි - තවත් දිස්ත්‍රික්ක රැසකට දෙවන අදියරයේ නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කරයි