කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

Report

කොළඹ - කොටහේන - ආමර් බාබර් හන්දියේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

එසේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ දිවයිනේ මේ වන විට පවතින අධික වර්ෂාවෙන් එම ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන්.

මේ අතර ගත වූ පැය 22 තුළ වැඩිම වර්ෂාපතනය වූ මි.මී 204ක අගයක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩට මි.මී 145.5ක් සහ වතුපිටිවලට මි.මී 105.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලිමලේ ප්‍රදේශයට මි.මී 121ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමට මි.මී 102.5ක් සහ හොරණට මි.මී 101.5ක වැස්සක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනය තුළ ද මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි.  

අද උදේ 6 වෙනකොට වාර්තා වූ තත්ත්වයක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

අද උදේ 6 වෙනකොට වාර්තා වූ තත්ත්වයක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි