ආණමඩුවේ දී මාරක අනතුරක් - වන්දනාවේ ගිය ලොරියක් පෙරළී 12ක් රෝහලට

Report

ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයේදී අද දහවල් එකට පමණ සිදු වූ බිහිසුණු රිය අනතුරකින් කාන්තාවක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දොළොස් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පොළොන්නරුව ප්‍රදේශයේ සිට හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ වන්දනාමාන කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් පැමිණි පිරිසක්, වන්දනා කටයුතු නිමවා නැවත සිය ගම්බිම් බලා යමින් සිටියදී ලොරි රථය අධික වේගය නිසා මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක දරුණු ලෙස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බදු පිට බදු ගැහුවත් වාහන ආනයනය සීමා නොවෙයි - ආර්ථික පීඩනය උච්චතෙටම

බදු පිට බදු ගැහුවත් වාහන ආනයනය සීමා නොවෙයි - ආර්ථික පීඩනය උච්චතෙටම

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ ලොරි රථය තුළ කුඩා ළමයින් ඇතුළු පුද්ගලයන් දහතුන් දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.

මෙම දරුණු ගැටීමෙන් ලොරි රථයේ ගමන් ගත් සියලු දෙනාම විවිධ තුවාල ලබා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් ආණමඩුව දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටි පනස්දෙක හැවිරිදි කාන්තාවක  ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

හැමෝගෙම රස නහර පිනවූ ඔහුත් සදහටම සමුගයි

හැමෝගෙම රස නහර පිනවූ ඔහුත් සදහටම සමුගයි

එමෙන්ම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූවන් අතරින් ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයන් දෙදෙනෙකු වැඩිදුර හදිසි ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි.

දීර්ඝ ගමනාන්තය නිසා ලොරි රථයේ රියදුරුට ක්ෂණිකව නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය මූලික සැක පළ කරන අතර, ආණමඩුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.