ඔන් මැක්ස් බිස්නස් කෙරූ මුදල් අතුරුදහන්

Report

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ ජනතාව විසින් තැන්පත් කළ රුපියල් කෝටි 800 කට අධික මුදලක් සැකකාර අධ්‍යක්ෂකවරු විසින් වංචාකර හෝ සොයා ගැනීමට නොහැකි දේපලක් බවට පත්ව ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද (09) සඳහන් කළේය.

රුපියල් කෝටි 1100 කට අධික මුදලක් තැන්පත් කර ඇති බවට ජනතාව පැමිණිලි ඉදිරිපත් කර තිබුණද ,රහස් පොලිසිය මගින් මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ රුපියල් කෝටි 260 කට අසන්න දේපලක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වර්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රත්නපුරේ ඉන්න අයට විශේෂ නිවේදනයක්

රත්නපුරේ ඉන්න අයට විශේෂ නිවේදනයක්

සැකකාර අධ්‍යක්ෂකවරුන් විසින් තැම්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවීමට සූදානම් නම් බවට අධිකරණය ඉදිරියේ පවසා ඇති හෙයින් ,මෙතෙක් අනාවරණය කර නොමැති කෝටි 800 ක මුදල ගෙවීම් කරන්නේ කෙසේදැයි අධ්‍යක්ෂකවරුන් අධිකරණය හමුවේ පැවසිය යුතු බවද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප ලැබූ සැකකාර අධ්‍යක්ෂක වරුන්වන අතුල ඉන්දික. , ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්,සාරංග රන්දික,ධනංජය දයාන්,දිනේෂ් චතුරංග,සමන්ත කුලසිරි හා ඉසුරු පියුමාල් ගයාන් චාමර වික්‍රමතිලක,ප්‍රසන්න මදුරංග,මයුර දිල්ෂාන් , නිශාන්ත සමරකෝන් සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයේ පෙනී නොසිට ජෝජියාවේ සිටිනවා යැයි කියන කකබර් අස්ලාන් ඉස්මත් යන සැකකරුට යළි වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මහ මුහුදේ දරුණු අනතුරක් - සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 50කට වැඩි පිරිසක් අතුරුදහන්

මහ මුහුදේ දරුණු අනතුරක් - සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 50කට වැඩි පිරිසක් අතුරුදහන්