ඉදිරියේදි ඔමික්‍රෝන් භයානක අතකට...

By Sithumi Dec 30, 2021 01:25 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි සති කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් ගෝලීය ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට ‘ඔමික්‍රෝන්‘ පත්වනු ඇති බව විශේෂඥයින් පවසයි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේ දී එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි සිංගප්පූරු විශේෂඥයින් පිරිසක් පෙන්වාදී තිබේ. .

අප්‍රිකාව හැරුණු විට ලොව සෙසු රටවල ප්‍රමුඛ ප්‍රභේදය ලෙස තවදුරටත් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී පවතියි. දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ හොංකොං යන රටවලින් පසුගිය නොවැම්බර් මස 11 වැනිදා පළමුවරට වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට රටවල් 110කට ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.

කොවිඩ් ආසාදිතයින්ගේ නිරෝධායන කාලසීමාව අඩු කිරීමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ. මේ අතර දින 10ක්ව පැවති එම කාලසීමාව දින 07ක් දක්වා අඩු කිරීමට ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍ය කැරොලිනා ඩැරීස් සහ පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවක දී ඒකමතිකව තීරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිරෝධායන කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් කර්මාන්ත ආදී කටයුතුවලට බාධා එල්ල වීම මෙම තීරණයට හේතුවී තිබේ. පසුගියදා අමෙරිකාව ද කොවිඩ් ආසාදිතයින්ගේ නිරෝධායන කාලසීමාව දින 10 සිට දින 05ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් අමෙරිකාව අනුව යමින් බ්‍රිතාන්‍යයේ ද නිරෝධායන කාලසීමාව අඩු කරන ලෙස ඉදිරිපත්වී ඉල්ලීම් බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha