වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කරන්න - ඕමල්පේ සෝභිත නාහිමි

Report

කවුරුන් හෝ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව රාමාඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.

ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ උන්වහන්සේ අවධාරණය කළේ වත්මන් ශාසනික අර්බුද හමුවේ ශාසන සංශෝධනයක් හෙවත් 'සංගායනාවක්' පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.

විශේෂයෙන්ම සංඝාධිකරණයේ තීන්දු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය බලය ලබා ගැනීමට මහනායක හිමිවරුන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.

අඩු පීඩන කලාපය ලංකාවෙන් පිට වී නැහැ - ඉදිරි තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් දැනුම්දීමක්

අඩු පීඩන කලාපය ලංකාවෙන් පිට වී නැහැ - ඉදිරි තත්ත්වය පිළිබඳව කාලගුණයෙන් දැනුම්දීමක්

පසුගිය දිනවල භික්ෂු සමාජය තුළ සිදුවූ අහිතකර සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත භික්ෂු සමාජයටම අපහාස කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවත්, එය ඉතා වැරදි සහගත බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.

එක් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු කරන වැරදිවලට සමස්ත ශාසනයම වගකිව යුතු නැති බව පැවසූ උන්වහන්සේ, කළ යුත්තේ වැරදි කරන අයට එරෙහිව ධර්මානුකූලව සහ විනයානුකූලව දැඩි පියවර ගැනීම බව සඳහන් කළහ.

අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදාන‍ය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි

අධි ගංවතුර තත්ත්වයක් නොවුණත් මේ ගංගාවල ජල මට්ටම අවදාන‍ය යොමු කළ යුතු මට්ටමක බව දැනුම්දෙයි

මහා නායක හිමිවරුන් විසින් මේ සම්බන්ධයෙන් රජය වෙත දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇති බැවින්, එම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කර ශාසනයේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.