සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්..
මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමසාරිස්වරයා පැහැදිලි කළේ ප්‍රතිඵල අද (25) නිකුත් කරන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ඉදිරි දින 4 හෝ 5 තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.